ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දෙනවා.
විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඊට සාපේක්ෂව මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමක්.
මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයක්.
මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 ක්.
උණුසුම් පුවත්
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














