2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ රාත්‍රී කාලයේ දී කොළඹ ශැන්ග්‍රි ලා හෝටලයේ දී නිමා වුණා.
පස්වරු 3.00 ට ආරම්භ වූ වෙන්දේසියේ දී ඉහළ මිල ගණන් යටතේ ක්‍රීඩකයින් රැසක් අලෙවි වූ අතර, වැඩිම මිලකට අලෙවි වූයේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක.
ඔහුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් 92,000 ක මුදලකට එනම් රුපියල් කෝටි 2.9 ක මුදලකටයි මිලදී ගත්තේ.
වෙන්දේසියේ දී දෙවැනි වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ චරිත් අසලංක. ඔහුව මිලදී ගත්තේද ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි. ඇමෙරිකානු ඩොලර් 80,000 කට හෙවත් රුපියල් කෝටි 2.5 ක මිලකට මෙහිදී ඔහුව මිලදී ගනු ලැබුවා.
ධනංජය ද සිල්වා ඩොලර් 76,000 කට හෙවත් රුපියල් කෝටි 2.4 ක මිලකට මිලදී ගත්තේ දඹුල්ල ඕරා කණ්ඩායම විසින්. එය ක්‍රීඩකයෙකු මෙම වෙන්දේසියේ දී අලෙවි වූ සම තෙවැනි විශාලතම වටිනාකමයි.
බිනුර ප්‍රනාන්දු ඇමෙරිකානු ඩොලර් 76,000ක මුදලකට දඹුල්ල ඕරා කණ්ඩායමත්, දිනේෂ් චන්දිමාල් ඇමෙරිකානු ඩොලර් 72,000ක මුදලකට බී-ලව් කැන්ඩි කණ්ඩායමත් මිලදී ගනු ලැබුවා.
එමෙන්ම දුෂ්මන්ත චමීර ඇමෙරිකානු ඩොලර් 70,000ක මුදලකට බී-ලව් කැන්ඩි කණ්ඩායමත්, සධීර සමරවික්‍රම ඇමෙරිකානු ඩොලර් 68,000ක මුදලකට දඹුල්ල ඕරා කණ්ඩායමත්, කමිදු මෙන්ඩිස් ඇමෙරිකානු ඩොලර් 60,000ක මුදලකට බී-ලව් කැන්ඩි කණ්ඩායමත් මිලදී ගැනීමටයි කටයුතු කළේ.
චැඩ් බොවුස් ඇමෙරිකානු ඩොලර් 58,000ක මුදලකට ගෝල් ටයිටන්ස් කණ්ඩායමත්, දුනිත් වෙල්ලාලගේ ඇමෙරිකානු ඩොලර් 56,000ක මුදලකට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමත් මෙම වෙන්දේසියේදී මිලදී ගනු ලැබුවා.
උණුසුම් පුවත්
- වැඩිම වැස්ස උඩුදුම්බරට – නුවර මහාමායා බාලිකාව දින නියමයක් නොමැති වැසේ
- ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- සජබෙට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ අයවැය පරදී
- සීප්පුකුලම වන අලියාට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
- ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ලේකම් අතර මතභේද
- නුවරඑළිය නගරය ජලයෙන් යටවීමට හේතුව නගරාධිපති හෙළිකරයි
- මධ්‍යම පළාතේ පාසල් තාවකාලිකව වසා දැමේ
- ජලාශ කිහිපයක් උපරිම මට්ටමට ළංවෙයි













