හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියට සහ බෑණාට විදෙස් ගමන් තහනමක් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබෙනවා.
වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුව මෙම තහනම පනවා තිබෙනවා.
නීති විරෝධී අන්දමින් ආනයනය කරන ලද රුපියල් කෝටි හතරකට අධික වටිනාකමෙන් යුත් ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාට අලෙවි කිරීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රයා මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටිනවා.