රුසියාව විසින් යුක්‍රේනයේ ස්ථාන 22 ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.
ප්‍රහාරය සඳහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 298 ක්, කෲස් මිසයිල සහ බැලස්ටික් මිසයිල 69 ක් යොදාගෙන තිබෙනවා.
මෙය 2022 වසරෙන් පසුව එක් රාත්‍රියක දී රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.