කෑගල්ල, පිටකොටුව සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශයන්හි සිදු වූ මාරක රිය අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කොළඹ – මහනුවර මාර්ගයේ යට්ටෝගොට ප්‍රදේශයේදී කෑගගල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මෘතදේහය වරකාපොල රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
මේ අතර පිටකොටුව, බැස්ටියන් මාවත සංස්ථා හන්දිය දෙස සිට සීනෝර් හන්දිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
හුංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66ක් පමණ වූ පුද්ගලයෙක් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෘතදේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුඅරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඇඹිලිපිටිය බුළුතොට මාර්ගයේ සිදු වූ රිය අනතුරකින්ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇඹිලිපිටිය දෙස සිට බුළුතොට දෙසට ධාවනය වූ බස් රථයක් පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුරව සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් තුවලා ලැබු පදිකයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 51ක් පමණ වූ ඇළවෙහෙරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.