රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා ඉකුත් රජය පත් කරන ල උදය ආර්.සෙනෙවිරත්න කමිටු වර්තාවේ නිර්දේශයන් ද සලකා බලා වැටුප් විෂමතාව ඇති නොවන පරිදි පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙවර අයවැයේදී වැටුප් වැඩි කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කලා
ඒ අනුව දැනට පවතින වැටුප් තල අනුව, රුපියල් 7,500 ත් 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට එකතු කිරීමට නියමිත බවයි එම ආරංචිමාර්ග ප්‍රකාශ කලේ
මෙහිදී ඒ ඒ වැටුප් තල අනුව, මූලික වැටුපට අදාළ වැඩි කිරීම සිදු කිරීමට නියමිත බවද සදහන්
රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ ක්‍රමවේදය මේ වනවිට මුදල් අමාත්‍යාංශය සකස් කර අවසන් බවත්, වැඩි කිරීමට නියමිත මුදල කොතෙක්දැයි මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා තීරණය කිරීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සදහන් කලා
කෙසේ නමුත් අදාළ වැටුප් ඉහළ දැමීම මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබන පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන 2025 අයවැයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි
අදාළ වැටුප් වැඩිවීම ලබන අප්‍රේල් මාසයේ සිට සිදු කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ