පොලී ආදායම මත රඳවා ගැනීමේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් සංසරණය වන අසත්‍ය තොරතුරු පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පොලී මත රඳවා ගැනීමේ බද්දට යටත් වන නමුත් බදු අයකළ හැකි ආදායමක් නොමැති පුද්ගලයින් බැංකු හා මූල්‍ය ආයතන වෙත අදාළ ස්වයං ප්‍රකාශනය භාරදීමේ අවසාන දිනය ඊයේ දිනය බවට ව්‍යාජ ප්‍රකාශයක් සංසරණය වෙමින් ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
කෙසේවෙතතත් ස්වයං ප්‍රකාශන භාරදීමේ එවැනි අවසාන දිනයක් තවමත් නියම කර නොමැති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් හෙවත් ටින් අංකයක් අවශ්‍ය නොවන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- ළාබාල තරුණියන් සීයලා සමග විවාහ වීම වැඩි වෙලා
- වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනයේ වෙඩික්කරු අල්ලයි
- ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන් යානය තුළ දී පහරදීමක්
- විදේශ සේවා කාර්යාංශයේ සේවය කළ රියදුරකු මහා පරිමාණ ඊශ්‍රායල් රැකියා වංචාවක
- පාතාලයත් කුඩුත් අවසන් අදියරේ තියෙන්නේ
- ඇල්ල ඕඩිසි දුම්රිය පීලි පනියි
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවෙකු ජීවිතක්ෂයට
- කාලගුණයෙන් ධීවරයන්ට අනතුරු ඇඟවීමක්













