පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට පවසමින් රන් පැහැති නෙළුම් මලක් සන්තකයේ තබාගෙන අලෙවි කිරීම සඳහා සූදානම්ව සිටි පුද්ගලයෙක්ව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මාතලේ පොලිස් වසමේ අළුවිහාරය ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර පුරාවිද්‍යා වටිනාකමක් ඇති එම රන් පැහැති නෙළුම් මල ග්‍රෑම් 706ක බරිත් සහ විවිධ ප්‍රමාණයේ පෙති 24කින් සමන්විත වනවා
සැකකරු මෙය රුපියල් මිලියන 5කට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි බවයි පොලිසිය පැවසුවේ
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 33ක් වන කවුඩුපැළැල්ල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
උණුසුම් පුවත්
- මාංශපේෂීන් උපයෝගී කරගෙන පොලිස් විමර්ශන කරන්න බෑ
- පාසල් සිසුන් පිරිසක් රැගත් බසයක රියදුරු ගම්වාසීන් පිරිසකගෙන් ප්‍රහාරයක්
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණ ප්‍රථිපල ලගදීම
- මාලදිවයිනේ 60 වන නිදහස් උළෙල සදහා අගමැති මෝදි මාලදිවයිනට
- අල්ලස් ලබාගත් කලාකරුවා කොටුවෙයි
- උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
- මාස 6ට අපේක්ෂා රෝහලට 36,000ක් ඇතුළත් කරලා – සෞඛ්‍ය නි. ඇමැති