මෙරට රත්‍රං මිල රුපියල් 6000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ,කැරට් 22, රන් පවුමක මිල රුග 240,500ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රුග 246,000ක් ලෙසයි.
මේ අතර සෙනසුරාදා රුග 266,000ක් ලෙස පැවති ,කැරට් 24, රන් පවුමක මිල අද වනවිට රුග 260,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.