භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය රාජ්‍ය අය භාගය නිසි පරිදි අයකර නොගැනීම හේතුවෙන් රජයට විශාල මුදලක් අහිමි වී ඇති බව අණාවරණය වී තිබෙනවා.
ඒ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී කෝප් කමිටුවේදීයි.
ගල්කොරි සඳහා නිකුත් කරන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය අනුව රාජ්‍ය භාගය ගණනය කිරීම කොතරම් සාධාරණද…? දැයි මෙහිදී කෝප් කමිටුව ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වුනේ.
එමෙන්ම ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලු පිළිබඳව මෙන්ම තිරිවානා සහ පළිඟු අපනයනයට අදාළ අක්‍රමිකතා පිළිබඳවද අවධානයට ලක්ව තිබුණා.
ඒ අනුව නිසි යාන්ත්‍රණයක් සකස් කර පනත සංශෝධනය කිරීමට කෝප් කමිටුව දැනුම් දී ඇති බවයි සදහන් වන්නේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ බව අණාවරණය වුනා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
- කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
- නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
- කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
- ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
- වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
- ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි














