සිය ආයතනයේ සියලුම කටයුතු ඩිජිටල්කරණය කර රජයට වසරකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් ඉතිරි කරදීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසනවා.
එහි සභාපති දර්ශන අබේරත්න මහතා සඳහන් කලේ වෛද්‍ය ආයතනයේ පරිගණක පද්ධතියමේ වන විටත් සියලුම දිස්ත්‍රික් කාර්යාල සමඟ ජාලගතකර ඇති බවයි.
ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඩිජිටල්කරණය කිරීමෙන් පසුව ජනතාවට කඩදාසි භාවිතයෙනන් තොරව සේවාවන් ඉටුකරගැනීමේ අවස්ථාව ලැබෙන බවයි ඒ මහතා සඳහන් කලේ.
එමෙන්ම ඉදිරි මාස හය තුළ අදාළ ඉලක්කය කරා ළඟාවීමේ හැකියාව ඇති බවයි ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කලේ.