යූරියා මෙට්‍රික් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් හෙට මෙරටට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා ප්‍රකාශ කළේ තවත් යූරියා මෙට්‍රික් ටොන් 11,250 ක් රැගත් තවත් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වීමට නියමිත බවයි.
යල කන්නයට අවශ්‍ය යූරියා පොහොර අවශ්‍යතාව සම්පූර්ණ වන බවත් බණ්ඩි පොහොර තොග මෙරට තුළ පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
කිසිදු හිඟයකින් තොරව යල කන්නයට අවශ්‍ය පොහොර බෙදා හැරීම සිදු කරන බවයි ලේකම්වරයා තවදුරටත් පැවසූවේ.