කළු මුහුද හරහා යුක්‍රේනයට ධාන්‍ය අපනයන කටයුතු සිදු කිරීමට තවත් දින 60ක කාලයකට අවසර ලබාදීමට රුසියාව එකඟත්වය පළ කර තිබෙනවා.
පසුගිය කාලයේ දී ධාන්‍ය අපනයනය කිරීමට එළඹී එකඟතාවය යටතේ යුක්‍රේනය ටොන් මිලියන 30කට අධික ධාන්‍ය ප්‍රමාණයක් අපනයනය කර තිබෙනවා.
ලෝකයේ රටවල් රැසක් මුහුණ දී සිටින කුසගින්න පාලනය කිරීම හා ගෝලීය ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමේ අරමුණින් ධාන්‍ය අපනයන අවසරය දීර්ඝ කළ බවයි රුසියාව පවසන්නේ.
එම එකඟතාවයට එළඹීම සඳහා තුර්කිය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන අතර රුසියාවේ නම්‍යශීලිත්වය සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් මෙහිදි ස්තූතිය පළ කර සිටියා.