මොරගහහේන තල්ගහවිල ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා තිබෙනවා.
වෑන් රථයේ රියදුරු බීමත්ව සිටි බවයි පොලීසිය පවසන්නේ.
ඔහු රජයේ ප්‍රධාන පෙලේ රැකියාවක නිරත වනවා.
තුවාල ලබා ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙක්.
අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය මහගොඩ අම්පිටිය ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් පොල් ගසක ගැටීමෙන් අනතුරක් සිදු වුණා.
අනතුර සිදුවීමත් සමග පොල් ගසේ ඉහළ කොටස කැඩී මාර්ගයේ ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් මතට වැටී තිබෙනවා.
එයින් මෝටර් රථයට බරපතල හානි සිදු වුණා.