ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.ඒ නිල සංචාරයක් සඳහායි.
දෙදින නිල සංචාරයක් අරඹමින් ප්‍රංශයේ රැඳී සිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද අළුයම එක්සත් අරාබි එමීරය බලා පිටත්ව ගිය බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.
ප්‍රංශයේ ජාතික දිනය හෙවත් බැස්ටිල් දිනය වෙනුවෙන් පැවැති රාජ්‍ය උත්සවය සඳහා ලද ආරාධනයට අනුවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රංශයට පැමිණ සිටියේ.
මේ අතර අදින් ආරම්භ වන එක්සත් අරාබි එමීර් සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් හමුවීමට නියමිතයි.
එම හමුව අබුඩාබි හිදී සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී දෙරට අතර ආරක්ෂාව සහ බලශක්ති ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
උණුසුම් පුවත්
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි
- ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
- ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට













