මොනරාගල සිට අඹේවෙල සත්ව ගොවිපල දක්වා තෘණ ප්‍රවාහනය කළ ලොරි රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලී අනතුරක් සිදුව ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා.
අනතුරු අද(10) දින අලුයම 2.30ට පමණ නුවරඑළිය – අඹේවෙල මාර්ගයේ රුවන්එළිය ප්‍රදේශයේදී සිදුව තිබෙනවා.
අනතුරින් කිසිවෙක්ටවත් තුවාල සිදුවී නොමැති අතර අනතුරට හේතුවට ලොරි රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ සිදු කරනු ලබන නුවරඑළිය පොලිසිය කියා සිටියේ.
අනතුර සිදු වූ ස්ථානයේ මාර්ගයේ ගමනාගමනයටද බාධා පැමිණ ඇති නිසා අනතුර සිදු වූ ස්ථානයේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබුණා.













