ධුර කාලය අවසන් කළ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.
තම ධුර කාලය තුළ කැනඩාවේ මහ කොමසාරිස්වරයා දැක්වූ දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යවරිය ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ කැපවීම පිළිබඳ කෘතඥතාව පළකළා.
කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය වෙත කරුණු පැහැදිලි කළ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කැනඩා රජය අඛණ්ඩ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කළා.