රුපියල් බිලියන 3.5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් තමන්ට නියම කර ඇති මාස 06 ක සිරදඬුවමෙන් තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්ර ජෝන් විසින් ගොනු කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 12 වනදා ප්රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.
තමන්ව ඇප මත මුදා හරිණ ලෙස ඉල්ලා ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.