මුලතිව් මුත්තයන්කට්ටු යුද හමුදා කඳවුරකට ඇතුළුවීමෙන් අනතුරුව ඒ අසල පිහිටි වැවේ ගිලී මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා සෙබලුන් සිව්දෙනා එළැඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා .
අත්අඩංගුවට ගත් සැකකාර සෙබලුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර පහරදීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් විසින් සැකකාර යුද හමුදා සෙබලුන් එහිදී හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.
එලෙස සැකපිට බන්ධනාගාරගත කරනු ලැබුවේ මුලතිව් 12 වන සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ යුද හමුදා සෙබළුන් සිව්දෙනෙක් .