ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
එම කොමිෂන් සභාව නිවේදනය කළේ ගෙවුණු පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 65ක් වාර්තා වී ඇති බවයි.
ඒ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධවයි.
එමෙන්ම පසුගිය ජූලි 31 වැනිදා සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 836ක් වාර්තා වන බව ද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.