මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත මාඋස්සාකැලේ හා කාසල්රී ජලාශවල ජල මට්ටම් සීග්‍රයෙන් පහළ බැස තිබෙනවා.
පවතින වියළි කාලගුණික තත්ත්වයන් මත 05 වන දින උදෑසන වන විට මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 09යි අගල් 03කින්ද කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 16යි අගල් 05කින්ද පහළ බැස ඇත ිබව එම ජලාශ බාර නිලධාරියෙකු කියා සිටියා.
මේ වන විට පවතින දැඩි වියළි කාලගුණික ත්ත්තවයන් මත සමහර පිරිස් සිදුකරනු ලබන කැලෑ ගිනි තැබීම් හේතුවෙන් මෙම ජලාශවලට ජලය සැපයෙන ජල මූලාශ්‍ර සිඳී යාමේ තත්ත්වයක් පවතින බවත් එම තත්ත්වයන් මත ඉදිරියේදී මෙම ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළ බැසීමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා පවසනවා.
මේ වන විට මෙම ජලාශවල පවතින ජලය ජල විදුලිය නිපදවීම සඳහා අදාළ ජල විදුලි බලාගාර වෙත අඛන්ඩව ලබාදීමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.














