රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ” නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබෙනවා.
ඉන් අනතුරුව මෙම විත්තිකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළා.
කෙසේ වෙතත් මෙම නඩුවේ විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය 2014 වසරේ අයතා ලෙස කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් වරදක් සිදුකළේ යැයි චෝදනාවට මේ වන විටත් සිරදඬුවම් නියම වී සිටින බැවින් ඔවුන්ව මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.