මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් අතුරුදන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලසිය පරීක්ෂණ ආරම්භ කර තිබේනවා.
ඒ කොටුව පොලිසියට මහ බැංකු නිලධාරීන් කළ පැමිණිල්ලක් අනුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේනවා. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් සුරක්ෂිතාගාරයේ තිබී රුපියල් ලක්ෂ 50 ක මුදල පිළිබඳ කොටුව පොලීසියට ලද පැමිණිල්ල විමර්ශනයට අද පෙරවරුවේ කොටුව පොලිසිය මහ බැංකුව වෙත ගොස් තිබෙනවා.
කොටුව පොලිසිය සඳහන් කළේ, එහිදී ඊට අදාළව කිහිප දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගත් බවයි.