මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක් සිදුව තිබෙනවා.
මේ අතර දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව පාලක මැදිරිය සඳහන් කළා.
දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් පැවති දුම්රියක් වාද්දුව දුම්රිය ස්ථානයේදී අද පෙරවරුවේ මෙලෙස කාර්මික දෝෂයකට ලක් වී තිබෙනවා.
මේ හේතුවෙන් උදෑසන දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බවයි පාලක මැදිරිය සඳහන් කළේ.