දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා .
රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති බව සදහන් .
එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 125 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා .
ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් එම මෙහෙයුම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිත බව ද නාවික හමුදාව පවසනවා .