මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී ලෙස උපයා ගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් මිලියන 150ක වටිනාකමකින් යුත් දේපල නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කර තිබෙනවා.
මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර දේපළ හා වත්කම් උපයාගෙන ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර පවත්වාගෙන යනු ලබනවා.
ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් වයස අවුරුදු 46ක් වන සැකකරු මාර්තු 25 වන දින හොරේතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට කරුණු අනාවරණය වන පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිටිහි රුපියල් මිලියන 50ක වටිනාකමකින් යුත් පර්චස් 11 ඉඩමක පිහිටි නිවසක් සහ මොරටුව ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 100ක වටිනාකමකින් යුත් පර්චස් 16ක ඉඩමක පිහිටි තෙමහල් නවිසක් 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින හතක් සඳහා ක්‍රියා විරහිත කිරීමට නියෝග කර තිබෙනවා.
සැකකරු අද(26) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විවසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














