අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ 1208 කට අධික තොගයක් අද විනාශ කිරීමට නියමිතව තිබෙනවා.
පොලිස් මූලස්ථානය නිවේදනය කළේ වනාත විල්ලුව ලැක්ස්ටොක්ස් වත්තේ පිහිටි අධිබලැති උදුන භාවිත කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කෙරෙන බවයි.
අධිකරණ භාරයේ පවතින මෙම මත්ද්‍රව්‍ය තොගය අද දිනයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරින් විසින් භාරගැනීමට නියමිතයි.
මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සදහා පුත්තලම මහේස්ත්රාත්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන බවට පොලිසිය සදහන් කළා.