හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය උමං මාර්ගයේ සුදු ඉර මත ගමන් ගත් මගියෙකු අනතුරට ලක් කර පලා ගිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට නානුඔය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
නානුඔය නගරයට පැමිණි වතු කම්කරුවෙකු නැවත ඊයේ(23) රාත්‍රී 7.30ට පමණ නිවස කරා ගමන් කරමින් සිටියදී හැටන් සිට නුවරඑළිය දක්වා වූ මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක ගැටී බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.
අනතුර සිදුවීමත් සමගින් සැකකරු අනතුර පොලිසියට වාර්තා නොකර පලාගොස් ඇති අතර තුවාලකරු නානුඔය පොලිසියේ නිලධාරීන් එක්ව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.