අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කර තිබෙනවා.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සදහන් කළේ මීට සමගාමිව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රුපියල් 10කින් පහත දමන බවයි.
තිරිගු පිටි මිල පහළ යෑම සැලකිල්ලට ගනිමින් මෙම සහනය ලබා දෙන බවයි ඔහු පැවසුවේ.