ඊයේ (01) රාත්‍රියේ ළිදක් අසළ මත්පැන් පානය කොට නිදාගත් යාපනය මනිපායී ප්‍රදේශයේ පදිංචිව සිටි ගණේෂරාජා සුභාෂ්කරන් නැමති දෙදරු පියෙකු එම ළිදටම වැටී මිය ගොස් තිබෙනවා.
මෙම පුද්ගලයා තම මිතුරකුගේ නිවසට ගොස් මත්පැන් පානය කර නිවසට ඒම පුරුද්දක් කරගෙන සිට ඇති අතර, ඔහුගේ බිරිද මේ සම්බන්ධයෙන් ඔහුට දැඩි විරෝධය පල කර තිබෙනවා.
අසල්වාසීන් පවසන්නේ මෙම සිද්ධිය නිසා එම නිවසේ නිතර නිතර අඩ දබර ඇති වූ බවයි
මෙම සිද්ධිය වූ දිනයේ රාත්‍රියේද මොහු සිය මිතුරා සමග මත්පැන් පානය කොට නිවසට පැමිණි අවස්ථාවේදී බිරිද නිවසේ දොර ඇරීම ප්‍රතික්ෂේප කිරීම නිසා බීමත්ව පැමිණි පුද්ගලයා ළිද අසල දමා තිබූ කොන්ක්‍රීට් තට්ටුවේ නිදාගෙන සිටියදී ඔහු එක්වරම ළිදට වැටී තිබෙනවා.
අවට වැසියන් ළිදට යමක් වැටෙන ශබ්දය ඇසී බලන විට ඔහු ළිද තුළ සිට ඇති අතර වහාම ඔහුව ලිදෙන් ගොඩගෙන මනිපායී රෝහල වෙත රැගෙන ගොස් ඇතත් පසුව ඔහු මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.
මියගිය අයගේ මෘත දේහය පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත යවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මනිපායී පොලීසිය පරීක්ෂණ සිදු කරනවා.