බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා .
බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු කර්මාන්තකරුවන් හා බලධාරීන් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන්.
එමෙන්ම උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
මේ අතර වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් 29කට එරෙහිව නඩු පවරා තිබෙනවා.
වැඩිමිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් මගින් රුපියල් ලක්ෂ 41ක දඩ අයකරගෙන තිබෙනවා.
බිත්තර සදහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පසුගියදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
උණුසුම් පුවත්
- අලි-මිනිස් ගැටුමට රජය ගත පියවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග
- අද සවස් කාලයෙත් තද වැසි – දිස්ත්‍රික්ක රැසකට නායයාමේ අනතුරු ඇගවීම්
- ආන්දෝලනාත්මක ත්‍රිකුණාමලය සිදුවීමේ නඩුවට අදාල පෙත්සම් කැදවීමට දින නියම කරයි
- ජනපති සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර හමුවක්
- කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
- ට්‍රම්ප්ගේ බාධා හමුවේ ඉන්දියාවෙන් වාර්තාගත අපනයනයක් !
- කියන දේ අහපු නැති මන්ත්‍රීවරුන්ට අතෙන් වාරණ !
- දකුණු අප්‍රිකාවේ ප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය ගැලීටෝස් ශ්‍රී ලංකාවට













