මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
මෙහිදී දෙරට අතර රාජ තාන්ත්‍රික කටයුතු, වර්තමාන රජයේ සමාජ, ආර්ථික හා සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ සාකච්ජා කර ඇති බවයි වාර්තා වුනේ.
රටේ අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව මෙන්ම මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර තිබෙනවා.
මෙහිදී විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ලබා දියහැකි සහාය ලබාදීමටත්, මධ්‍යම පළාතේ සිදු කරන ලබන විවිධ නිෂ්පාදන අපනයනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙහිදී කරුණු සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර අභයකෝන් මහතා විසින් බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා වෙත සමරු සිහිවටනයක් ද පිරිනැමීම සිදු කෙරුණා.
උණුසුම් පුවත්
- ඊ සිගරට් අලෙවිකරුවෙක් අල්ලයි
- නීති විරෝධීව ගෙන්නූ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
- විමල්ට පොලිසියෙන් කැඳවීමක්
- නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
- බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට
- කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පනී
- දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට 3,668,000ක ආදායමක්
- කෙහෙල්බද්දර පද්මේට අයත් ගිනි අවියක් සොයාගැනේ