බ්‍රසීලය සත්ත්ව සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
වනාන්තරවල සිටින පක්ෂීන් අතර කුරුළු උණ රෝගය පැතිරයාමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.
බ්‍රසීලයේ ප්‍රාන්ත දෙකකින් කුරුළු උණ වැළදුනු පක්ෂීන් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ලොව විශාලතම කුකුළු මස් අපනයනකරුවා ලෙසයි බ්‍රසීලය සැලකෙන්නේ.
කුරුළු උණ වාර්තා වීමත් සමග එරට කුකුළු මස් කර්මාන්තයට අවදානමක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.