සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති බව සඳහන්. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. කෙසේ වෙතත් පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුවන බවයි. එලෙස තිබියදී අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පසුගිය ජුනි මස 17 වැනිදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානයත්වයෙන් රැස්වීමක් පැවැති බවත් පෙත්සම්කරුවන් සඳහන් කරනවා. එහිදී අදාළ තෝරා ගැනීම් සිදු කිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කළ අතර ඊට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් 24 දෙනෙකු සභාවෙන් පිටව ගිය බවත්, පෙත්සමේ සඳහන් වනවා. කෙසේ වෙතත් එහි ප්‍රතිඵලයක් ලෙස සභාවේ ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් අදාළ තෝරාපත් කර ගැනීම කල් දැමුණු බවත්, පෙත්සමේ සඳහන් කර තිබෙනවා.මේ අනුව අදාළ තනතුරුවලට තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත්, එය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම්කරුවන් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
උණුසුම් පුවත්
- පොලිස්පතිගේ watsapp අංකයට ලැබෙන පැමිණිලි ඉහළට
- අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු රිමාන්ඩ්
- එල් පී එල් සටනට ඉන්දීය කණ්ඩායමේ ක්රීඩකයනුත් එක්වන බවට නිවේදනයක්
- ඖෂධයක් විෂ වීමෙන් ඉන්දියාවේ ළමුන් 14 ක් ජිවිතක්ෂයට
- පොලිස් ස්ථානාධිපතිවරුන් 32 කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්
- විදෙස් සංචාරකයින් ලක්ෂ 18 සීමාවට
- එච්.අයි.වී ආසාදිතයන් ඉහළයාමේ ප්රවනතාවයක් !
- දිවයිනේ බොහෝ ප්රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි