මොනරාගල වැලියාය ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තබෙනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් බවයි පොලීසිය සදහන් කළේ..
අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ රියදුරු මියගොස් ඇති අතර පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව වාර්තා වන්නේ.
මිය ගිය රියදුරු 32 හැවිරිදි දඹගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
පොලීසිය සඳහන් කළේ දඹගල්ල සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් චාරිකාවක යමින් තිබූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සදහන් කළා.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













