බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය මේ පිළිබඳ දැනුම් දුන්නා.
වෙසක් පොහොය නිමිති කොටගෙන ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිදුවීම වාර්තා වීමත් සමග හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස් වුණා.
එම පුරප්පාඩු වූ බන්ධනාගාර කොමසාරිස් තනතුර සදහායි ජගත් වීරසිංහ මහතා පත් කෙරුණේ.