දිට්වා‘ ආපදාවෙන් පසු බදුල්ල – අඹේවෙල අතර එහි දුම්රිය ගමන් ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු වුනා.
ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.ට ක්‍ක්ි ි14 බලවේග කට්ටල සහිත බදුල්ල – අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් අරඹනු ලැබුවා.
මෙලෙස උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවන වූයේ දිවයිනට බලපෑ ‘දිට්වා‘ ආපදාවෙන් දින 23කට පසුවයි.
ඒ අනුව අද සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ගමන්වාර කිහිපයක් සිදුකිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මෙම අවස්ථාව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.
උණුසුම් පුවත්
- ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
- පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
- නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
- T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
- අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
- 2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
- ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්














