Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ

    බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ

    2025-08-16කියවීමට මිනිත්තු 4ක් ගතවේ.95 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වත්මන් රජය රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බණ්ඩාරවෙල මුලික රෝහල බවත්, බදුල්ල ශික්ෂණ රෝහල ද සංවර්ධනය කරමින් ඉදිරියේ දී දිස්ත්‍රික්කයේ එක් රෝහලක් දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත්වීමේ වැඩි විභවතාවයක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

    බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් උත්ශ්‍රේණි ගත කරන ලද රෝහල ජනතා අයිතියට පත් කිරීම ඊයේ (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහ ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ ජේ.එම්.කපිල ජයසේකර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

    පළමුව රෝහල් නාම පුවරුව විවෘත කළ අමාත්‍යවරුන් රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද ආයුර්වේද සුවතා මධ්‍යස්ථානය ද විවෘත කරමින් ඒකාබද්ධ ආයුර්වේද සුවතා සහිතව සංවර්ධනය කිරීමට ආරම්භක පියවර තැබීය. එමෙන් ම රෝහල් පරිශ්‍රය ද මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණය කරන ලදී.

    අනතුරුව උත්සව සභාව ඇමතූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ රජය බලයට පත්ව ගතවූ මාස 08 ක පමණ කාලසීමාවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බවට බණ්ඩාරවෙල මුලික රෝහල පත්වන බවයි.

    ඉල්ලීම් කොපමණ ලැබුණත් ජාතික සැලසුමකට අනුව පමණක් එම කටයුතු සිදු වන බවත්, පසුගිය කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවීමේ දී තිබුණු ප්‍රධාන ගැටළුවක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිලි, රෝහල් වර්ගීකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක තිබුණු අවිධිමත්භාවය පෙන්වා දිය හැකි බව ද පැවසූ අමාත්‍යවරයා රෝහල් වර්ගීකරණය යනු විද්‍යාත්මක ක්‍රමවේදයක් බවත්, දේශපාලන අවශ්‍යතාවය මතම මුලික රෝහල් බවට පත් කළ රෝහල් මෙරට පවතින බව ද පැවසී ය.

    2020 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ගේ මුලිකත්වයෙන් පත් කළ කමිටුවක් විසින් රෝහල් වර්ගීකරණය පිළිවෙලක් කර එ් ඒ රෝහලේ පැවතිය යුතු මානව සම්පත, භෞතික සම්පත් සහ පහසුකම් මොනවා ද යන්න චක්‍රලේඛයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවත්, එම චක්‍රලේඛය මත පිහිටා කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

    යම් රෝහලක් ප්‍රාදේශීය රෝහලක සිට මුලික රෝහලක් දක්වා ඉහළට ඔසවා තැබු විට එම මුලික රෝහලට පහසුකම් ලබාදිය යුතු බවත්, බොහෝ විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එම උසස් කිරීම් වලට යම් ප්‍රතිවිරෝධයක් එල්ල කරනවා නම් එය නිකරුණේ වෙන දෙයක් නොවන බව ද අවධාරණය කරන ලදි. ඊට සාධාරණ හේතු වන බවත් මුලික රෝහලක් කළ පසු රෝහල් අවශ්‍යතා ද එම නිලධාරීන්ට යොමු වන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි. මෙම සියලු වැඩකටයුතු සිදු වනුයේ පහසු තත්ත්වයක නොවන බව ද සේවා සැපයීම සඳහා මේ මොහොතේ ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද පැවසී ය.

    බදුල්ල ශික්ෂණ රෝහල ද තවදුරටත් සංවර්ධනය කරන බවත්, ජාතික අවශ්‍යතාවය අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ තිබෙන එක් රෝහලක් දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත්වීමේ වැඩි විභවතාවයක් පවතින බව ද, බණ්ඩාරවෙල රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම කෙරෙහි ද අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

    බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීම කිසිසේත්ම දේශපාලන තීන්දුවක් නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍යතාවයන් සොයා බලා සිදු කළ දෙයක් බවත් පෙන්වා දුන් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා රෝහල මූලික රෝහලක් ලෙස උසස් වීමට සුදුසුකම් ලැබුවේ මීට දීර්ඝ කාලයකට පෙර බව ද මෙම උත්සව සභාව අමතමින් පැවසී ය.

    පසුගිය ආණ්ඩු සමයේ බොහෝ දේවල් සිදු වුයේ රටේ අවශ්‍යතාවයට නොව දේශපාලන අවශ්‍යතාවයට බවත්, රෝහලේ ඉදිරි ගමනට අවශ්‍ය දේශපාලන නායකත්වය සහ මැදිහත්වීම අඛණ්ඩව ලබාදෙන බව ද පැවසී ය.

    එමෙන් ම බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම එක්කරමින් රෝහල තුළ ක්‍රියාත්මක කරන අත්හදා බැලීමේ නවමු ක්‍රමවේදය සෞඛ්‍ය සේවාවේ පරිවර්ථනයක් ඇති කරනු ඇති බව ද ඒ මහතා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

    අක්කර 26 ක භූමි ප්‍රමාණයකින් යුතු බණ්ඩාරවෙල මුලික රෝහල බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ, හාලිඇල සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආසන්න වශයෙන් 150,000 – 200,000 අතර ජනතාවකට සෞඛ්‍ය පහසුකම් සපයනු ලබයි. වතු ජනතාව විශාල ප්‍රමාණයක් මෙන්ම බණ්ඩාරවෙල නගරයේ පාසල් 06 ක් සහ පෞද්ගලික විද්‍යාල 02 ක් සහ උපකාරක පන්ති රැසක් වන අතර, ඌව පළා‌තේ ප්‍රධාන අධ්‍යාපන කෙන්ද්‍රස්ථානය සහ සංචාරක ආකර්ශනය දිනාගත් වාණිජ නගරය ද බණ්ඩාරවෙල නගරය වන බැවින් රෝහලෙන් සුවිශාල සුව මෙහෙවරක් ලබාදෙනු ලබයි.

    මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර නිතිඥ ජේ.එම්.කපිල ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ඌව පළාතේ ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල, ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එච්.එම්. ජීවන්ත හේරත්, ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජේ.සී.එම්. තෙන්නකෝන්, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්.ටී.කේ.අත්තනායක, බණ්ඩාරවෙල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී (වැ.බ) වෛද්‍ය ඒ.එම්.එස්.බණ්ඩාර, ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එස්.එන්.ආර්.සෙල්ලහේවා යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    පෙර පුව​තතැපෑලේ සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි
    ඊළඟ පුව​ත පොල් ගෙඩියක් හිස මතට වැටී දරුවෙක් මරුට

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group