ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපතිවරණය පවත්වන දිනය නිවේදනය කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
එම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම නෙළුම් මාවත පක්ෂ කාර්යාලයට රැස්වූ අවස්ථාවේදීයී.
මේ අතර කිසි ලෙසකින්වත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් නොමැති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.