පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් ඊයේ දින සැකකරුවන් 693ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් 30,954 දෙනෙකු පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ..
අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් 26 දෙනෙකු මෙන්ම වරෙන්තුකරුවන් 263 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගැනුණා.
එමෙන්ම අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 118ක්.
බීමත් රියදුරන් 15 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන්නේ.
වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3948 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













