“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ එක්ව මධ්‍යම පරිසර අධිකාරිය නව වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.
ඒ පොලිතීන්, ප්ලාස්ටික් මගින් මිනිසා ඇතුළු මුළු මහත් පරිසරයට ම සිදුවන හානිය වැළැක්වීමේ අරමුණෙන්
ඒ අනුව පොලිතීන්, ප්ලාස්ටික් අනිසි භාවිතය මගින් සිදුවන ව්‍යවසනය පිළිබඳව නිෂ්පාදකයින්, වෙළෙඳ සැල් හිමියන් හා එම කාර්යය මණ්ඩලය සහ පාරිභෝගික ජනතාව දැනුම්වත් කිරීම පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව පරිසර අධිකාරිය විසින් කොළඹ පිටකොටුව ප්‍රදේශයේ දී පසුගියදා සිදු කළා.
මෙහි දී වෙළෙඳසැල් 45ක සිදු කළ වැටලීම්වලින් කිලෝ ග්‍රෑම් 860 ක පමණ ප්‍රමාණයක නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.