පසුගිය මාසයේදී විදෙස් සංචාරකයින් 2,32,341 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ, ඉන් වැඩිම පිරිසක් එනම්, 34,006 දෙනෙකු ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.
මීට අමතරව රුසියාවෙන් 29,241 ක්, බි්‍රතාන්‍යයෙන් 29,241 ක්, ජර්මනියෙන් 16,720 ක් සහ ප්‍රංශයෙන් 15,063 ක් මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 4,85,102 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.