මාරවිල, කටුනේරිය ශාන්ත අන්තෝනි මාවත ප්‍රදේශයේදී ඊයේ (02) සවස් කාලයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. කටුනේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ 24 හැවිරිදි අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.