පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.
මෙම භූ කම්පනය සැතපුම් 362 ක් වු ගැඹුරකින් හටගෙන ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කළේ.
භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.