වයස අවුරුදු 06ක පාසල් දැරියකට අතවර කළ බව කියන යුද හමුදා කෝප්රල්වරයෙකුට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කර තිබෙනවා.
වව්නියාව මහාධිකරණය විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ.
එමෙන්ම අගතියට පත් පාසල් දැරියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.
එම දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම තවත් වසර තුනකින් දීර්ඝ කිරීමට ද නියෝග කර තිබෙනවා.