පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුණා.
අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබද තෙදින විවාදයට අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතයි.
අද දිනයේ විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මේ අතර දේශීය ආදායම් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත අද සහ හෙට පස්වරුවේ විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදියි.
ඒ අනුව පස්වරු 4.30 සිට පස්වරු හත දක්වා අදාළ කෙටුම්පත් සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතර, ඡන්ද විමසීම හෙට පස්වරු 7.30 ට පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- නාවින්නේ වෙඩි තැබීමක් – අයෙකුට තුවාල
- දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ මංගල්‍යෙය් හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්
- විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි
- ඔබ ආරක්ෂිත ද ? වට්ස්ඇප් ගිණුම් රැසක් ඉවතට !
- ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ස්ථාපිත කළ ඒකාබද්ධ ජාතික කමිටුවක්
- ඇමෙරිකානු තීරු බදු පිළිබඳ සාකච්ඡා
- සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුළු දූත පිරිස දිවයිනට
- විමල්ට වැඩ වරදී – නඩුවක් පත්තු වෙයි ! – VIDEO –