පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට ගසා ගෙන ගොස් තිබෙනවා.
ඇඹිලිපිටිය සිට චාරිකාවක් සදහා පැමිණි තරුණයින් පිරිසක් මෙම අනතුර සදහා මුහුණ දී ඇති බවයි පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් පැවසුවේ.
ඉනි තරුණයින් 12 දෙනෙකු මුදවා ගෙන ඇති අතර එක් තරුණයෙක් අතුරුදන් වී තිබෙනවා.
පානදුර මුහුදේ සැඩ රාළ පහරවල් පැවතීම හේතුවෙන් රතු ධජ ලෙලදවා තිබුනු අවස්ථාවක මෙම තරුණයින් මුහුදේ දිය නෑමට ගොස් ඇති බවයි මූලික විමර්ෂණ වලදී අණාවරණය වී ඇත්තේ.
අතුරුදන් වූ තරුණයා සොයා පානදුර පොලිස් ජීවිතාරක්ශන ඒකකයේ නිලධාරීන් සහ නාවික හමුදාව විසින් වැඩි දුර විමර්ෂණ ක්‍රියාත්මකයි.