පසු භාවිත කළ ප්ලාස්ටික් ඇසුරුම් කළමණාකරණයට නව වැඩපිළිවෙලක් හදුන්වාදී තිබෙනවා.
මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ පසුභාවිත ප්ලාස්ටික් ඇසුරුම් කළමණාකරනයට අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.
නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම් රෙගුලාසිය මේ වසර අවසන් වීමට පෙර නිකුත් කරන බවයි මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කළේ.
එමෙන්ම නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම යන ක්‍රමවේදය නීතිගත කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ජාතික පාරිසරික පනතේ නව සංශෝධන සදහා යොමු කර තිබෙනවා.