හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අගෝස්තු 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව, ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.