ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද රාත්‍රී 12.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,සබරගමුව සහ දකුණ පළාත්වලත් කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලත් සිටින ජනතාව සැලකිලිමත් වන ලෙසයි.
සබරගමුව සහ දකුණ පළාත්වලත් කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන් වනවා.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.











